සරණ ගුණවර්ධනට එරෙහි නඩු 4ක තීන්දු අද

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

පසුගිය අප්‍රේල් 30වනදා මෙම නඩුවල තීන්දු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ.

කෙසේවෙතත් විනිසුරුවරයා එදින නිවේදනය කළේ, මෙම නඩුවල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වනදා සිදු කරන බවයි.