සරසවි ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම මැයි 19 දක්වා

2025 වසරේ පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පදනම් කරගෙන 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම මැයි මස 19 වන දින දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවත් එහි මෘදු පිටපත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය හරහාද මාර්ගගතව මිලදී ගත හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ අයදුම්පත් භාරගැනීම පසුගිය 28 වැනිදා ආරම්භ වූ අතර එම වසරේ උසස් පෙළ ප්‍ර