
මේ මස අවසන්වන විට ස්ටාර්ලින්ක් සැටලයිට් සේවාව දිවයිනම ආවරණය කරමින් ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අද කොළඹදී පැවති උත්සවයන් අවසානයේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියා.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ස්ටාර්ලින්ක් සැටලයිට් එකේ සියලු පහසුකම් රෙගුලාසි අපි ලබා දීලා තියෙන්නේ. දැනට ඩිවයිසස් 10ක් ඒ කියන්නේ ස්ටාර්ලින්ක් ඩිවයිසස් දහයක් අරගෙන පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට කස්ටමස්ල 10 ක් අතර ලබාදීල තියෙන්නෙ. ඒකෙන් පස්සේ ඩැඩ්බෝඩ් එකක් පෙන්වන්න අවශ්‍යයි.මේ මාසේ අන්තිම වෙද්දි ස්ටාර්ලින් සේවාව මුලු රටටම දෙන්න පුලුවන් විදියට ඒ කට්ටිය කටයුතු කරයි. ස්ටාර්ලින්ක් සේවාව කියන්නෙ සැටලයිට් හරහා එන සේවාවක්.”