කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු කළමණාකරන ආයතන මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති යටතේ සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වා දීමේ ව්‍යාපෘති යටතේ ඉදිකරන ලද සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ කුටීරය පසුගියදා අනුරාධපුර නගරයේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා විසින් විවෘත කරන ලදී.
ජාතික පසු අස්වනු කළමනාකරන ආයතන මගින් වැඩසටන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී.ආහාර වල තත්ව පරීක්ෂාව ගුනාත්මක ආහාර නිශ්පාදනය වෙනුවෙන් වැඩසටහන් පැවැත්වීම ප්‍රමිති සහතික නිකුත් කිරීම පර්යේෂණ සිදු කිරීම ප්‍රධානම කාර්යයන් වේ.ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ ක්‍රම හඳුන්වා දීමේ වඩසටහන දීප ව්‍යාප්තව සිදු කිරීමට පසු අස්වනු කළමණාකරන ආයතනය කටයුතු කරයි.මෙහිදී ප්‍රදේශයේ පලතුරු වෙළද ව්‍යාපාරිකයන් සදහා ප්‍රවාහනය වෙනුවෙන් කූඩා බෙදීමක්ද සිදු කලේය.
මෙම අවස්තාව සදහා දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත නවරත්න මහතා සහ සේන නානායක්කාර මහතා මෙන්ම පසු අස්වනු කළමනාකරන ආයතනයේ සභාපති තුමන් මහාච්යාර්ය රෝහිත ප්‍රශාන්ත මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
