මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු එම්.සාධික් මහතා පවසනවා.
ඒ හේතුවෙන් මාර්ගයේ රථාවහන ධාවනය කිරිමේදී සැළකිලිමත්ව රිය ධාවනය කරන ඒ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
හැටන් – නුවරඑළිය ප්රධාන මාර්ගයේ කුඩාගම ප්රදේශයේ පසුගියදා ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටුණු ස්ථානයේම තවදුරටත් පස් කඳු කඩා වැටීමේ දැඩි අවධානමක් පවතින බවත්, ප්රධාන මාර්ගයට පසුගියදා කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කර එම ස්ථානයෙන් රථවාහන ධාවනය එක් මන්තීරුවක සීමා කර ඇති බවත් ඔහු කියා සිටියා.
