ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි එරෙහිව පැනවූ සිරදඬුවම අද සිට ක්‍රියාත්මකයි.
මේ අනුව, ඔහු වසර 5 ක් බන්ධනාගාර ගත කිරීමට එරට අධිකරණය තීරණය කොට තිබෙනවා.
ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පාලන සමයේදී ලිබියාවෙන් මැතිවරණ ප්‍රචාරක අරමුදල් ලබා ගැනීමට ගත් උත්සහයන්ට අදාළව ඔහුට විරුද්ධව නඩු පැවරීම සිදු වුණා.
එහිදී ඔහු යුරෝ බිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබා ගැනීමේ කුමන්ත්‍රණයකට වරදකරු වී ඇති බවයි, වාර්තා වන්නේ.
තමන් මෙම චෝදනාවලට අදාළ නොවන බවත්, ඔහු නිර්දෝශී බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට සිටිනවා.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා ලාස් සැන්ටේ බන්ධනාගාර ගත කරන බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
