හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත CID අත්අඩංගුවට

2023 වර්ෂයේදී වැලිගම ‘ඩබ්ලිව් පහ’ ‍හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි හිටපු පොලිස් පරික්ෂක ජගත් නිශාන්ත ඊයේ අත්අඩංගුවට‍ ගෙන තිබෙනවා.

ඒ එම සිද්ධියෙන් පසු විදේශගතව සිට ඔහු නැවත දිවයිනට පැමිණෙන අවස්ථාවේදී.

‍2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි වුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටද ‍චෝදනා එල්ල කරනු ලැබුවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින අතරතුරයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.