වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (31) දින දමන පොලිස් වසමේ හිගුරාන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.
2025.07.11 වන දින හිරණ පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්දයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 13 ක් සමඟ අත්අඩංගුවට ගෙන දමන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 39 ක් වන හිගුරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් දමන හා හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
