හොර පාරෙන් ආ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය කාර්‍යංශය ගුවන්තොටුපල ඒකකය මගින්.

මත්ද්‍රව්‍ය කාර්‍යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අද (05) දින අලුයම වැටලීමක් සිදු කර ඇත.

එහිදී නීතිවිරෝධී ලෙස ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද දුම්වැටි 57200 (කාටුන් 286) ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 18 හා 42 වයස්වල පසුවන ඉහල කොට්ටාරාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.