හෝමාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

හෝමාගම පොලිස් වසමේ මාලපල්ල ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පුද්ගලයෙකුට වෙඩි වැදී සිටින බවට හෝමාගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

වෙඩි වැදුණු පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් පැමිණි ආකාරය සහ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සරකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය වැඩිදුර විමර්හන සිදු කරනවා.