ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 22 ක් හා සැකපිට සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තෙල්දෙණිය, වික්ටෝරියා ජලාශය ආසන්නයේ අද (13) දින අළුයම හෝටලයක් තුළ පැවත් වූ ෆේස්බුක් සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875 ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769 ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390 ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804 ක්, මත්පෙති 13 ක් සහ නීති විරෝධී දුම්වැටි 12 ක් සමඟ පුද්ගලයින් 22 දෙනෙකු හා සැකපිට කාන්තාවන් 04 ක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 18 ත් 31 ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 21 ත් 26 ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
සැකකරුවන් හා සැකකාරියන් අද තෙල්දෙණිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
