20-20 ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දසුන් ශානක නායකත්වය දරණ සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 7 වැනිදා ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

දසුන් ශානක නායකත්වය දරන ශ්‍රි ලංකා සංචිතයට පිතිකරුවන් ලෙස ඇතුළත් කර තිබෙන්නේ, පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලිය‍නගේ සහ පවන් රත්නායක.

වනිදු හසරංග, දුනිත් වෙල්ලාගේ සහ මහීෂ් තීක්ෂණ ශ්‍රි ලංකා සංචිතයට කැදවා ඇත්තේ දග පන්දු යවන්නන් ලෙසයි.

වේග පන්දු යවන්නන් ලෙස දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ ඉෂාන් මාලිංග සංචිතයට කැදවා තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගීවන පළමු තරගය ලබන 8 වැනිදා අයර්ලන්තය සමග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.