2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2026 අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් කළා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.

මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා විසින් හෙට පස්වරුවේ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව, අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 8 වැනිදා සිට දින 6 ක් පැවැත්වෙනවා.

දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම ලබන 14 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතයි.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 වැනිදා සිට දින 17 ක් පැවැත්වෙනවා.

ඒ අනුව, තෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම දෙසැම්බර් මස 5 වැනිදා පස්වරු 6.00 ට සිදු කිරීමට නියමිතයි.