2021, 2022, 2023 හා 2024 යන වර්ෂවලදී විද්‍යා, ගණිත විෂය ධාරාවන් යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට ඉදිරිපත්ව සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සිසු හෙද පුහුණුවට බදවා ගැනීමේ අති විශේෂ ගැසට් පත්‍රය මේවන විට නිකුත්කර තිබෙනවා.
එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මැයි මස 29 සිට ජුනි මස 30වනදා දක්වා මාසයක කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියවන www.health.gov.lk පරිශීලනය කර මීට අදාළ අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලැබී ඇත.
සුදුසුකම්ලත් අයදුම්කරුවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව තෝරා ගන්නා ලද අයදුම්කරුවන් හට සිසුහෙද පුහුණුව මෙම වර්ෂය අග භාගයේ දී ආරම්භ කිරීමටද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සැලසුම් මේවන විට සකස් කර ඇත.
2021, 2022, 2023 හා 2024 යන වර්ෂවලදී විද්‍යා, ගණිත විෂය ධාරාවන් යටතේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයට ඉදිරිපත්ව සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන් සුදුසුකම් ලත් 3000ක කණ්ඩායමක් මේ සදහා බදවා ගැනීමට නියමිතය.
මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් දත්ත අනුව, මෙරට සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ හෙද නිලධාරීන් 43,553 ක ශ්‍රම බලකායක් සක්‍රීය සේවයේ නිරතව සිටී.
ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම උදෙසා පසුගිය වසර දෙකක කාලසීමාව තුළ පමණක් III ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩල 3,441 ක පිරිසක් බඳවාගෙන ඇති අතර විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු හට පසුගියදා පත්වීම් ලිපි ලබා දීමටද කටයුතු කළේය.
ඉදිරියේ දී මෙරට සෞඛ්‍ය සේවාවට එක්වීමේ අරමුණින් දැනටමත් දිවයින පුරා පිහිටි හෙද විදුහල් තුළ සිසු හෙද හෙදියන් 7,800 කට ආසන්න ප්‍රමාණයක් සිය වෘත්තීය පුහුණුවීම්වල නිරත වෙමින් සිටී.
2025 – 2029 වසර පහ තුළ හෙද සේවාවට 13600ක් බදවා ගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සැලසුම වන අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි එම සැලසුම ක්‍රියාත්මකයි.
