ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

1972 ජුනි 05 සිට 16 දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසරය සුරැකීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණයකට අනුව සෑම වසරකම ජුනි 05 වැනි දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජගත් පරිසර දින ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (05) පෙරවරු 09.00 ට පැවැත්වීමට නියමිතව ඇත.

ජගත් පරිසර දිනය නිමිත්තෙන් “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව “දලුලන්න ඉඩදෙන්න” නමින් ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් රට පුරා ක්‍රියාවට නංවා ඇතැයි පරිසර අමාත්‍යාංශය සදහන් කරනවා.