ලෝකයම හෙල්ලූ රුමේෂ්ගේ වාර්තාගත විසි කිරීම

රෝම ඩයමන් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

ඒ එම ඉසව්වේ තරගාවලි වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාවද අලුත් කරමින්.

රුමේෂ් මෙහිදී වර්තා කළ දක්ෂතාව මීටර් 92.62 ක්.

එය මෙම වසරේදී හෙල්ල විසි කිරීමේ ඉසව්ව සදහා ක්‍රීඩකයෙක් වර්තාා කළ ඉහළම දක්ෂතාවයි.