අමෙරිකානු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඉරානය සමඟ පවතින යුද බලතල සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැඩි විවේචන එල්ල කරනවා.
ඉරාන යුද බලතල සීමා කිරීමට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් “දේශද්‍රෝහීන්” ලෙසයි ජනාධිපතිවරයා හඳුන්වන්නේ.
ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට තීරණාත්මක සාකච්ඡා වටයක නිරත වන බව ට්‍රම්ප් පවසනවා.
මෙවැනි මොහොතක තම බලතල සීමා කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් බවයි ඔහු කියා සිටින්නේ.
සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කරනවා.
ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් සමඟ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද ඊට එක්ව ඇති බව සඳහන් වනවා.
අදාළ යෝජනාව සම්මත වී ඇත්තේ ඡන්ද 215 කට 208 ක් ලෙසයි.
මේ අනුව ඇමෙරිකානු සේනාංක ඉවත් කර ගැනීමට ජනාධිපතිවරයාට සිදුවනවා. නැතහොත් යුද ගැටුම් සඳහා කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වනවා.
කෙසේ වෙතත් මෙම පියවරෙහි නීතිමය බලාත්මකභාවය පිළිබඳව පැහැදිලි තත්ත්වයක් නැති බවයි නීති විශාරදයන් පෙන්වා දෙන්නේ.
මෙම යෝජනාව සංකේතාත්මක පියවරක් ලෙස ද සැලකෙනවා. එහෙත් පවතින යුද්ධය හේතුවෙන් මේ වන විට ඉන්ධන මිල ඉහළ යමින් පවතිනවා.
එමෙන්ම මෙරිකානු වැසියන්ගෙන් සියයට 64 ක්ම මෙම යුද්ධයට විරුද්ධත්වය පළ කරනවා.
මේ හේතුවෙන් ධවල මන්දිරයට එල්ල වන දේශපාලන බලපෑම දැඩි වනු ඇති බවයි විචාරකයන් විශ්වාසය පළ කරන්නේ.
