ෆිෆා ලෝක කුසලානයට ඉරානයට අමෙරිකාවෙන් වීසා

ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා අමෙරිකාවට ඇතුළු වීමට, ඉරාන පාපන්දු කණ්ඩායමට වීසා ලබාදී තිබෙනවා.

අමෙරිකාව එය, විසින් තහවුරු කර ඇති අතර, තම පළමු තරගයට දින 10 කට පෙර ඉරාන පාපන්දු කණ්ඩායමට වීසා හිමි වීම ද විශේෂත්වයක්.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය, ලබන 11 වැනිදා සිට ජූලි මස 9 වැනිදා දක්වා අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා.

කණ්ඩායම් 48 ක් තරගවදින තරගාවලියේ මූලික වටයේ තරග, කාණ්ඩ 12 කින් පැවැත්වීමට නියමිතයි.

ඉරානය මෙහිදී, ‘ජී’ කාණ්ඩයෙන් තරග වදිනවා. ඊට බෙල්ජියම, ඊජිප්තුව සහ නවසීලන්තය ද ඇතුළත්.

තරගාවලියේ තමන් සහභාගී වන මූලික වටයේ පළමු තරගය, ඉරානය, නවසීලන්තය සමග ලොස්ඇන්ජලීස් හිදී ලබන 16 වැනිදා තරගවැදීමට නියමිතයි.

සත්කාරක රටක් තමන් සමග යුද්ධයක නිරත වන රටකට මෙලෙස වීසා ලබාදීම ක්‍රීඩාවේ ජීව ගුණය පෙන්වන තවත් එක් අවස්ථාවක් බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.