චීන ජනාධිපති ෂී ජින්පින් දෙදින නිල චාරිකාවක් සඳහා අද උතුරු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.
චීන නායකයා, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බීජිං නුවරදී හමුවී සති කිහිපයකට පසුව මෙම සංචාරය සංවිධානය කර තිබීම විශේෂත්වයක්.
2019 වසරෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ සිදුකරන පළමු චාරිකාව මෙයයි.
එය චීන ජනාධිපතිවරයා ගේ මෙ වසරේ පළමු විදේශ චාරිකාවයි.
චාරිකාව අතරතුර ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමටද නියමිතයි. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
මෙම චාරිකාව කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.
චීන ජනාධිපතිවරයා මේ වසර තුළ පමණක් ලෝක නායකයන් 17 දෙනෙකුට අධික සංඛ්‍යාවකට බීජිං නුවරදී සත්කාරකත්වය සපයා තිබීම විශේෂත්වයක්.
චීන ජනාධිපතිවරයාගේ උතුරු කොරියානු සංචාරය මිත්‍රත්වයට වඩා දේශපාලන වාසි අරමුණු කරගත් එකක් බවයි විචාරකයන් පවසන්නේ.
