මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු මාට්ටු

2025.06.14 වන දින රාගම පොලිස් වසමේදී තියුණු ආයුධ වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

අනුව ඊයේ (19) දින රාත්‍රී කාලයේ රාගම පොලිස් වසමේ පොල්ගහහේන හන්දිය අසලදී රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර එම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 21 ක් වන පොල්ගහහේන, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.