ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති යැන්වෙයි චු මහතා හා චීන තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක මෙයි ජිනග් මහතාද එක්ව සිටියා.
මෙම හමුවේ දී එළඹෙන ජූලි 01 දිනට යෙදී ඇති චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වෙනි සංවත්සරය පිළිබඳ චීන තානාපතිතුමා විසින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාව දැනුවත් කරන ලද අතර 105 වෙනි සංවත්සරය වෙනුවෙන් කොළඹදී පැවැත්වෙන උත්සවයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ආරාධනා කරනු ලැබුවා
