ඉරානය සමඟ නැවත යුද්ධයක් ආරම්භ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවීමක් සිදු කර තිබේ.
තාවකාලික සාම ගිවිසුමක් යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන අතරතුර ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව දෙපාර්ශ්වය අතර යුද්ධය අවසන් කිරීම සඳහා පසුගිය සතියේ එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව වේ.
මේ හරහා අප්‍රේල් මාසයේ සිට පැවති සටන් විරාමය අවම වශයෙන් තවත් දින 60කින් දීර්ඝ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
