පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය එළිදැක්වීම අද

සෞඛ්‍යාරක්ෂිත පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය අද (22) එළිදක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

එහි පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යවරායගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී එම එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන බවයි.

මෙම මාර්ගෝපදේශය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේඛයකින් බල ගන්වා ඇති බවත් පාසල තුළ එහි කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන විදුහල්පතිවරයාට හා පාසල් බලධාරින්ට ලබාදී ඇති බවත් ඇය සඳහන් කළා.

විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පැවසුවේ, එම මාර්ගෝපදේශය අනුව ප්‍රධාන කාණ්ඩ 5 ක් යටතේ වන ආහාර පාසල් ආපන ශාලාවල අලෙවියට අවස්ථාව නොලැබෙන බවයි.