සුපිරි ජිම්නාස්ටික් ශූර ටියානා ශ්‍රී ලංකාව නියෝජනයට සැරසෙයි

අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වූ ටියානා සුමනසේකර ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරිමට තීරණය කර තිබෙනවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා නිවේදනය කළේ ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදීමට නිල වශයෙන් තීරණය කර ඇති බවයි.

මේ සමඟින්, ලොව පුරා විවිධ රටවල පදිංචි සිටින, ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත සියලුම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මව්බිම නියෝජනය කිරීම සඳහා එක්වන ලෙස අමාත්‍යවරයා විවෘතව ආරාධනා කර සිටිනවා.

එලෙස ඉදිරිපත් වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍ය සියලුම සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සම්පූර්ණයෙන්ම භාර ගැනීමට සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.