වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්

2023 අංක 9 දරණ දූෂණ විරෝධි පනත ප්‍රකාරව රජ්‍ය නිලධාරීන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් (30) අවසන් වනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම දැනුම් දීම කර තිබුණා.

ඒ අනුව, හෙට වනවිට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන රාජ්‍ය නිලධාරින්ගෙන් දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස කොමිෂන් සභාව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.