දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපාන පරිදි අකුණු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අද (21) දහවල් නිකුත් කළ මෙම නිවේදනයට අනුව, අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ පහතින්,


මෙම අනතුරු ඇඟවීම තැඹිලි වර්ණයේ ‘සූදානම් වන්න’ මට්ටමට අයත් වන අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු, තද සුළං සහ තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් එළිමහන් කටයුතු, ක්‍රීඩා, කෘෂිකාර්මික කටයුතු සහ මහජන උත්සවවලට බාධා ඇතිවිය හැකි අතර, විදුලි හා සන්නිවේදන සේවාවලට ද බලපෑම් එල්ල විය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහන් ක්‍රියාකාරකම්වලින් වැළකී ආරක්ෂිත ගොඩනැගිලි තුළ රැඳී සිටින ලෙසත්, හුදකලා ගස් යට රැඳී සිටීමෙන් සහ ජලාශ, ගංගා හා වෙරළ ආශ්රිත ප්‍රදේශවල ගැවසීමෙන් වළකින ලෙසත් ජනතාවට දැනුම් දී තිබෙනවා.
අදාළ අනතුරු ඇඟවීම අද (21) දහවල් 12.00 සිට හෙට (22) අලුයම 1.00 දක්වා වලංගු වනවා.
