මහමෝදර නව බන්ධනාගාරයක්පිහිටුවීමට ගැසට් නිවේදනයක්

ගාල්ල – මහමෝදර ප්‍රදේශයේ බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, විෂය භාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින්.

(54 වන අධිකාරය වූ) බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නියමය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ගැසට් නිවේදනයට අනුව, “මහමෝදර” නමින් මෙම බන්ධනාගාරය පිහිටුවනු ලබන අතර, එහි බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නියම කර තිබෙනවා.