ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.
ඒ අනුව තරගාවලයේ පළමු අවසන් පූර්ව තරගය ප්රංශය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස ස්පාඤ්ඤ සහ සහ බෙල්ජියම අතර තරගය පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් හිදී.
තරගය නැරඹීමට 70,000 කට අධික ප්රේක්ෂක පිරිසක් ක්රීඩාංගණය වෙත පැමිණ සිටියා.
තරගයේ 30 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ලබාගත්තේ ස්පාඤ්ඤයේ ෆේබියන් රුයිස් ක්රීඩකයායි.
ඉන් මිනිත්තු 11 කට පසු බෙල්ජියම වෙනුවෙන් චාල්ස් ඩි කැටල්රි ක්රීඩකයා ගෝලයක් ලබාගත්තා.
ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවුයේ ගෝල 1 ට 1 ක් ලෙස දෙපිලම සම තත්වයේ සිටියදී.
දෙවන අර්ධයේදීද දෙපිලම ආක්රමණශීලි තරග රටාවක නිරත වූ අතර 85 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤය වෙනුවෙන් මිකෙල් මෙරීනෝ අතිරේක ක්රීඩකයෙකු ලෙස පිටියට පිවිසියා.
ඉන් මිනිත්තු 3 කට පසු එනම් තරගයේ 88 වැනි මිනිත්තුවේදී මෙරීනෝ ගෝලයක් ලබාගත්තේ ස්පාඤ්ඤයට තරගයේ ජය හිමිකර දෙමින්.
ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස ස්පාඤ්ඤය තරගය ජයගත් අතර ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි 03 වැනි අවස්ථාව මෙයයි.
මිට පෙර 1950 සහ 2010 යන වසරවලදී ස්පාඤ්ඤය තරගාවලියේ අවසන් පූර්ව තරගයට ක්රීඩාකර තිබෙනවා.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය ස්පාඤ්ඤය සහ ප්රංශය අතර ඩලස් ක්රීඩාංගණයේදී ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.
