ටී56 පතරොම් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (22) දින සවස කොඩිකාමම්, මිරුසුවිල් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොඩිකාමම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී ටී56 ගිනි අවියට යොදනු ලබන පතරොම් 96 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 30 හා 31 වයස්වල පසුවන එළුඳුමට්ටුවාල් ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
කොඩිකාමම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
