යළි ඇවිලුණු යුද්ධය

අමෙරිකාව සමඟ ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ සයිප්‍රස් ධජය සහිත නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟම ඉරාන විප්ලවීය බලකාය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා තැබීමටද පියවර ගෙන ඇති අතර අමෙරිකාවේ ඉදිරි ප්‍රහාරයන්ට ද දැඩි ප්‍රතිචාර දක්වන බවයි කියා සිටින්නේ.

මෙම අමෙරිකානු ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය බලකාය ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් ද ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්ට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද ජාත්‍යන්තර මට්ටමින් වැදගත් වන මෙම මුහුදු මාර්ගය විවෘතව තබන ලෙසත්, වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙසත් අමෙරිකානු බලධාරීන් මැදිහත්කරුවන් මාර්ගයෙන් ඉරානයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.