කන්ටේනර් රථයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

කොළඹ කුරුණෑගල මාර්ගයේ නිල්පනාගොඩ ප්‍රදේශයේදී ඊයේ (20) දින සවස කන්ටේනර් රථයක් යතුරුපැදියක ගැටී පැදිකාරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිනුවන්ගොඩ දෙස සිට දිවුලපිටිය දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකාරිය බරපතල තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මරණකාරිය අවුරුදු 49 ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුරින් පසු කන්ටේනර් රථය පලාගොස් ඇති අතර පෑලියගොඩ ප්‍රදේශයේදී පොලිසිය මගින් කන්ටේනර් රථය සමඟ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.