ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සා.පෙළට අයදුම් කිරීමට අවස්ථාව

සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා ජාතික හැඳුනුම්පත නොතිබීම බාධාවක් නොවන බැවින් සියලු අයදුම්කරුවන් අනිද්දාට (23) පෙර විභාගය සඳහා අයැදුම් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඒ අනුව, විභාග නිවේදනයේ ලබාදී ඇති උපදෙස් පරිදි මෙසේ විභාගය සඳහා අයැදුම් කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බවත්, දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් ක්ෂණික දුරකථන අංක 1911 සහ දුරකථන අංක 011-2784537, 011-2786616, 011-2784208, ෆැක්ස් අංක 011-2784422 ඇමැතීමෙන් තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.