මීගමුවේ වැටලීමකින් හොර මත්පැන් ජාවාරමක් මාට්ටු

මීගමුව, දළුපොත ප්‍රදේශයේදී ඊයේ (20) දින සවස නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින්.

එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 56 මිලි ලීටර් 250 ක් (බෝතල් 75) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 32 ක් වන කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.