උළුක්කුලම මාර්ගයේ පාවක්කුලම ප්‍රදේශයේදී ඊයේ (12) දින සවස උළුක්කුලම දෙසටම ධාවනය වූ ටිපර් රථයක් විරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියැදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියැදුරු මියගොස් තිබෙනවා.
මරණකරු අවුරුදු 50 ක් වූ පාවක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උළුක්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
