සිම්බාබ්වේ රාජ්‍යයේ කරීබා විලෙහි යාත්‍රාවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මගීන් අධික ලෙස පටවාගෙන යාම නිසා මෙම යාත්‍රාව පෙරළී තිබෙනවා.
මෙම යාත්‍රාව කරීබා නගරයේ සිට චලාලා දක්වා ගමන් කරමින් තිබියදී ලෝන්ග් අයිලන්ඩ් ආසන්නයේදී රළ පහරකට හසුවීමෙන් මෙලෙස අනතුරට ලක්ව වුණා.
ප්‍රවේශපත්‍ර වාර්තාවලට අනුව එහි වැඩිහිටි මගීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ගමන් කර ඇති අතර, ගාස්තු අය නොකරන කුඩා ළමුන් පිරිසක් ද එහි සිටින්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.
යාත්‍රාවේ උපරිම ධාරිතාව 90 දෙනෙකු වුවද ඊට වඩා වැඩි පිරිසක් එහි ගමන් කර තිබීම අනතුරට ප්‍රධාන හේතුවයි.
අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ අසල තිබූ අනෙකුත් යාත්‍රා මගින් ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර, පුද්ගලයින් 77 දෙනෙකු බේරා ගැනීමට සමත්ව වුණා.
සිම්බාබ්වේ ජාතික හමුදාව, නාවික හමුදාව සහ පොලිස් කිමිදුම් කණ්ඩායම් එක්ව අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
අයහපත් කාලගුණය සහ චණ්ඩ රළ පහර හේතුවෙන් මුදාගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව බලධාරීන් වැඩිදුරටත් කියා සිටිනවා.
ජනාධිපති එමර්සන් ම්නන්ගැග්වා විසින් මේ වන විට රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
