ගිනියාවේ කුණු කන්දක් යට සැඟවුණු මිනිස් ජීවිත

ගිනියා රාජ්‍යයේ අගනුවර ප්‍රධාන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයක පැවැති දැවැන්ත කසල කන්දක් කඩාවැටීමෙන් 30 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වනවා. නිවාස රැසක්ද ඊට යටවී තිබෙනවා.

රාත්‍රී කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කන්ද කඩාවැටී ඇති අතර 22 දෙනෙකු තුවාල ලැබුවා.

කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බව ගිනියා රජය නිල වශයෙන් නිවේදනය කරනවා.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

සහන කණ්ඩායම් මේ වන විටත් මෘත ශරීර 18 ක් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගිනියා අගමැති මමදූ උරි බා මහතා මුදාගැනීමේ මෙහෙයුම් නිරීක්ෂණය කරනු ලැබුවා.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.