කල්පිටිය පොලිස් වසමේ පාලකුඩාව ප්රදේශයේදී ඊයේ (03) දින දහවල් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් සිටින බවට කල්පිටිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය අවුරුදු 26 ක් වූ පාලකුඩාව, කල්පිටිය ප්රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය පුරුෂයාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව සිට ඇති අතර පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අවුරුදු 36ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
