මෙරට සිට ඉන්දියාව ඔස්සේ කටාර් රාජ්‍යයට අපනයනයට සූදානම් කර තිබූ සැක සහිත කන්ටේනරයක්, අද පරීක්‍ෂා කරනු ලැබුවා.
ඒ, රේගු නිලධාරීන් සහ මධ්‍යම අපාරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් එක්වයි.
මෙම කන්ටේනරය සැක සහිත බැවින් රඳවාගෙන පරීක්‍ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් ද ලබාගැනීමටයි රේගු නිලධාරීන් පියවර ගනු ලැබුවේ.
සහල් අපනයනය කරන මුවාවෙන්, අබලි යකඩ, පිත්තල සහ තඹ අපනයනය සඳහායි එම කන්ටේනරය සූදානම් කර තිබුණේ.
එය කිරුළපන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් වන අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
