ඊයේ (15) දින දහවල් එප්පාවල, මැඩියාව වැවේ නෙළුම් මල් කැඩීම සඳහා ගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකු රැගත් ඔරුවක් පෙරළී එහි ගමන් ගත් පුද්ගයෙකු මියගොස් තිබෙනවා.
එම ඔරුවේ ගමන්ගත් තිදෙනා දියේ ගිලී ඇති බවට එප්පාවල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අනතුරට පත් පුද්ගලයින් තිදෙනා ප්රදේශවාසීන් විසින් බේරාගෙන එප්පාවල රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල් ගත කරන විටත් මියගොස් සිට ඇත.
මරණකරු වයස අවුරුදු 37 ක් වූ කටියාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
