පුත්තලම අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී ඊයේ (16) දින රාත්රී කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 07 දෙනෙකු, දැරියක් හා පිරිමි පුද්ගලයින් 04 දෙනෙකුද වනවා.
බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාද තුවාලකරුවන් අතර වේ. පුත්තලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
