“පෑළදිග විස්කම්-2026” හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය අද (17) සහ හෙට (18) කොළඹදී

බස්නාහිර පළාත තුළ සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම සහ නිර්මාණ ශිල්පීන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලබන “පෑළදිග විස්කම්-2026” හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය අද (17) සහ හෙට (18) දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය මෙවර කොළඹ 07 හි පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (NADA) පැවැත්වීමට නියමිතයි.

බස්නාහිර පළාත තුළ විසිරී සිටින සක්‍රීය හස්ත කර්මාන්තකරුවන්ගේ නව නිර්මාණ එළිදැක්වීම සහ ඔවුන්ට නව වෙළඳපොළ අවස්ථා උදාකර දීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පෙ.ව. 10.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.