කැනඩාවේ ඇල්බර්ටා ප්රාන්තයේ හමුදා කඳවුරක හටගත් ගින්නෙන් භටයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඇල්බර්ටා ප්රාන්තයේ හමුදා කඳවුරේ ගින්න හටගෙන ඇත්තේ, ඉකුත් සෙනසුරාදා පස්වරුවේ.
තුවාල ලැබූ 39 දෙනෙකු රෝහල්ගත කෙරුණු අතර, ඉන් 19 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි ප්රාන්ත බලධාරීන් පවසන්නේ.
සජීවී පතොරම් යොදාගනිමින් සිදුකළ යුද පුහුණු අභ්යාසය අතරතුර ගින්න හටගෙන තිබෙනවා.
දැඩි සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගිය බව වාර්තා වනවා.
මෙය ත්රස්තවාදී ක්රියාවක් බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි කැනේඩියානු හමුදාව පවසන්නේ. ගින්න ඇතිවීමට හේතුව සොයා විමර්ශන ක්රියාත්මකයි.
