නොරොච්චෝලය, ගාමන්ඩ්වත්ත ප්රදේශයේදී පොල්ලකින් පහරදී ඊයේ (19) දින අළුයම පුද්ලයෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදූවූ පහරදීමක් හේතුවෙන් සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර අපරාධය සිදුකළ සැකකරු විමර්ශන නිලධාරින් විසින් එදිනම අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 49 ක් වූ පාලවිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
නොරොච්චෝලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
