නුවරඑළිය සිට කළුතර දක්වා ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට.
නුවරඑළියේ සිට කළුතර දක්වා ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිුව තිබෙනවා.
අද (20) දින අලුයම 1:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්රදේශයේදීය.
ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ රියදුරුට නින්ද යෑමෙන් ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ලොරි රථය අනතුරට පත්වන අවස්ථාවේ ලොරි රථයේ රියදුරා සහ තවත් දෙදෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වූවත් අනතුරින් ලොරි රථයට සහ ප්රධාන මාර්ගය අභියස තිබූ දුරකථනය කණුවකට සහ රැහැන් පද්ධතියකට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
