නොරොච්චෝලේ අද සිට යළි ජාතික පද්ධතියට

අද සිට නොරොච්චෝලේ විදුලි බලාගාරය යළි ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවන බව, ජාතික පද්ධති මෙහෙයුම් සමාගම පවසනවා.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ඊයේ (21) නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරුණා.

ඉකුත් ඔක්තෝබර් 17 වන සෙනසුරාදා පෙරවරුවේ විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවය හේතුවෙන් ලක්විජය ගල්අඟුරු බලාගාරය ආරක්ෂිත ක්‍රමවේද අනුව පද්ධතියෙන් ඉවත් වී තිබුණා.

ඒ අනුව මේවන විට ලක්විජය බලාගාරයේ ක්‍රියාකාරීත්වය නැවත සක්‍රීය කරගැනීමට අදාළ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

බලශක්ති අමාත්‍යවරයා ඊයේ දින නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නිලධාරීන් සමග ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා.

ඉංජි‍නේරු හා තාක්ෂණ නිලධාරීන් සමග අදහස් හුමවාරු කරගනිමින් අමාත්‍යවරයා උපදෙස් දුන්නේ, විදුලිජනන යන්ත්‍ර සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කර යළි යථා තත්වයට පත්කිරීම තවදුරටත් කඩිනම් කරන ලෙසයි.