ඊශ්රායල මහා මැතිවරණයේ වැඩි ආසන සංඛ්යාවක් දිනා ගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය සමත් ව සිටිනවා.
නමුත් කිසිඳු පක්ෂයට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.
අගමැති බෙන්ජමින් නෙතන්යාහු මැතිවරණ ප්රතිඵල අවලංගු කිරීමට ප්රයත්න දරන බවට එරට විපක්ෂය චෝදනා කරනවා.
ප්රධාන විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් සහ අරාබි දේශපාලන පක්ෂ නායකයන් චෝදනා කරන්නේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු මැතිවරණ ප්රතිඵලවල නීත්යානුකූලභාවය අභියෝගයට ලක් කිරීමටද සූදානම් වන බවයි.
මැතිවරණයෙන් නෙතන්යාහුගේ ආණ්ඩුක්රම සභාගයට පාර්ලිමේන්තු බහුතර බලය අහිමි වීමත් සමඟ, අරාබි පක්ෂ විසින් මැතිවරණ ජයග්රහණ “සොරකම් කර ඇති” බවට නෙතන්යාහුගේ පක්ෂය චෝදනා කර තිබෙනවා.
මැතිවරණයේ නිල අවසන් ප්රතිඵලවලට අනුව නෙතන්යාහුගේ පක්ෂ එකමුතුවට ආසන 53 ක් සහ අයිසන්කොට්ගේ විපක්ෂ එකමුතුවට ආසන 48 ක් හිමිව තිබෙනවා.
එහිදී අනපේක්ෂිත ලෙස ආසන 19 ක් දිනා ගැනීමට සමත් වූ අරාබි පක්ෂ දෙක වන ජොයින්ට් ලිස්ට් සහ රාම් පක්ෂ, ඉදිරි රජයක් පිහිටුවීමේදී තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විශේලේෂකයින් පවසනවා.
