රුසියාව එල්ල කළ ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාවකින් යුක්රේනයේ ගම්මානයක 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගොඩනැගිලි සුන්බුන් අතර 50 දෙනෙකුට වැඩි පිරිසක් සිරවී සිටින බවට අනුමාන කෙරෙනවා.
දකුණු ශපොරිශියා කලාපයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරය සමූලඝාතනයක් ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි හඳුන්වා දෙනවා.
රුසියානු බලඇණි, කොමිෂුවාකා හි පිහිටි ආධාර මධ්‍යස්ථානයකට ගුවනින් බෝම්බ හෙළා තිබෙනවා. සහන ආධාර ලබාගැනීමට රැස්ව සිටි සාමාන්‍ය ජනයා ප්‍රහාරයත් සමග භූගත ආරක්ෂිත ස්ථාන වෙත ගියද, ගොඩනැගිල්ලේ වහලය කඩා වැටීමෙන් බොහෝ පිරිසක් ඊට යටවී සිටින බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ඩිනිප්‍රෝ සහ ඛාර්කිව් නගරවල රෝහල් වෙත ද මිසයිල ප්‍රහාර එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරවලින් 73 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, යුක්රේන හමුදාව ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ප්‍රහාරවලින් යුක්රේනයේ ප්‍රධාන නගර නවයක බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වී තිබෙනවා.
කියෙව් අගනුවර ජල සැපයුම සහ මෙට්‍රෝ රථ ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් ආරක්ෂණ මිසයිල හිඟය හේතුවෙන් රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමේ දැඩි අර්බුදයකට යුක්රේන මුහුණ දී සිටිනවා.
