නුවරඑළියෙන් ඛේදජනක පුවතක් – කුලී නිවසකින් මළසිරුරු 2ක් හමුවෙයි

නුවරඑළිය, දිමුතුගම ප්‍රදේශයේ නිවසක ඊයේ (03) දින උදෑසන සැකකටයුතු ලෙස මියගිය කාන්තා හා පිරිමි මළ සිරුරු දෙකක් හමුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය අවුරුදු 49 ක් වූ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මරණකරු අවුරුදු 55ක් වූ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදුකරන ලද විමර්ශනයේදී මරණකාරිය හා මරණකරු නුවරඑළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී කාමරය තුල වූ ගිනි උඳුනේ දුමාරයක් ආග්‍රහනය වීමෙන් මෙම මරණ සිදුව ඇති බවට පොලිසිය විසින් සැකකරනවා.

නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.