දිවයිනේ ස්ථාන කිහිපයක ඊයේ (03) දින සිදුවූ මාරක අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අවිස්සාවේල්ල පොලිස් වසමේ කොළඹ රත්නපුර මාර්ගයේ අවිස්සාවේල්ල රෝහල ඉදිරිපිට පදික මාරුවේදී රත්නපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්කල පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 65 ක් වූ බෙරන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අවිස්සාවේල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මත්තේගොඩ, කුඩාමාදූව කෝන්ගස්හන්දිය මාර්ගයේ කුඩාමාදූව ප්‍රදේශයේදී කෝන්ගස්හන්දිය දෙස සිට කුඩාමාදූව දෙසට ධාවනය වූ කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ගමන් කල පදික පුද්ගලයෙකුගේ ගැටී නවතා තිබූ ත්‍රීරෝද රථයක හා විදුලි රැහැන් කණුවකද ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා හා ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පදික පුද්ගලයා මියගොස් තිබෙනවා.
මරණකරු අවුරුදු 68 ක් වූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර කුරුඳුවත්ත, තර්ස්ටන් පාර බගතලේ මාර්ගයේ බගතලේ හන්දිය ප්‍රදේශයේදී තුන්මුල්ල හන්දිය දෙස සිට ජේ.ඕ.සී හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ සිටි පදික පුද්ගලයෙකුගේ ගැටී ත්‍රීරෝද රථය පෙරලී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා හා ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පදික පුද්ගලයා මියගොස් ඇත.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
කළුතර, නාගොඩ කටුකුරුන්ද මාර්ගයේ විජිත මාවත ආසන්නයේදී නාගොඩ හන්දිය දෙස සිට කටුකුරුන්ද දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාවන් දෙදෙනා නාගොඩ රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පදික කාන්තාවක් මියගොස් ඇත.
මරණකාරිය අවුරුදු 66 ක් වූ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුරු සම්බන්ධයෙන්පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.