බොරැල්ල ඩී. එස්. සේනානායක මංසන්ධියෙන් කොළඹට ඇතුළුවන මන්තීරුව තාවකාලිකව වැසේ

බොරැල්ල පොලිස් වසමේ ඩී. එස්. සේනානායක මංසන්දියේ කොළඹ දෙසට ඇතුළුවන මංතීරුවේ කොටසක් ඊයේ (20) රාත්‍රී 10.00 සිට තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය දැනුම් දෙනවා.

අදාළ මංතීරුවේ පිහිටි මළාපවහන පද්ධතියක් පිටාර ගැලීම හේතුවෙන් එය පිළිසකර කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බැවින් මෙලෙස මාර්ග කොටස වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව, පිළිසකර කිරීමේ කටයුතු අවසන් වන තෙක් එම මාර්ග කොටස භාවිත කරන රියදුරන් සහ මහජනතාව පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

විකල්ප මාර්ග

– වැලිකඩ දෙස සිට පැමිණෙන වාහනවලට ආයුර්වේද හන්දියෙන් කොටා පාරට පිවිස බොරැල්ල දෙසට ගමන් කළ හැකිය.

– මොඩල් ෆාම් හන්දියෙන් පරණ බුලර්ස් පාර ඔස්සේ කනත්ත වටරවුම දෙසට ගමන් කළ හැකිය.